ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ ; වියස්කාන්ත්ටත් කැදවීමක්

Date:

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා පිරිමි සංචිතය ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සංචිතය මෙතෙක් නිවේදනය කර නැහැ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා නවක ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

නුවන් තුෂාර, අශේන් බණ්ඩාර, ලහිරු උදාර, ලහිරු සමරකෝන්, විජයකාන්ත් වියස්කාන්ත් වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු ලෙස කටයුතු කරන්නේ අවිශ්ක ගුණවර්ධන. සහාය පුහුණුකරු ලෙස උපුල් චන්දන පත් කර තිබෙනවා.

මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වූයේ 2010 හා 2014 වසරවලදීයි.

2010 වසරේදී බංග්ලාදේශයත්, 2014 වසරේදී ශ්‍රී ලංකාවත් රන් පදක්කම දිනා ගත්තා. අවස්ථා දෙකේදීම එහි රිදී පදක්කම දිනා ගත්තේ ඇෆ්ඝනිස්තානයයි.

2023 ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Hangzhou හී දී සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

Nuwan Thushara, Ashen Bandara, Lasith Shenan, Keshawa Fernando, Leyon Daniel, Shashintha Diyamantha, Sachitha Jayathilaka, Ravindu Fernando, Ahan Sanchitha, Lahiru Udara, Vijayakanth Viyaskanth, Minon Liyanarachchi, Isitha Wijesundara, Lahiru Samarakoon, Nimesh Wimukthi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...