තමිම් හා මහ්මුදුල්ලාහ් එක්දින සංචිතයට ; ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වයි

Date:

ලබන සතියේ දී ආරම්භ වන නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය නිවේදනය කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන තමිම් ඉක්බාල් හා මහ්මුදුල්ලාහ් එක්දින සංචිතය සදහා යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම්, මෙහිදි හසාන් මිරාස්, ටස්කින් අහ්මඩ්, හසාන් මහ්මුද් හා ශොරිෆුල් ඉස්ලාම් ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම තරග දෙකෙන් විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

ශකිබ් සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ ලිටොන් දාස්.

ශමිම් හොසේන්, අෆිෆ් හොසේන් හා මොහමඩ් නයීම් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞම්‍ය සාකාර්, නුරුල් හසාන් මෙන්ම මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති සාකීර් හසාන්, රිෂාඩ් හොසේන් හා කලෙඩ් අහ්මඩ් යන ක්‍රීඩකයින් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන බ්‍රහස්පතින්දා (21 වැනිදා) ඩකා හී දී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh squad:

Litton Das (c), Tamim Iqbal, Soumya Sarkar, Anamul Haque, Tawhid Hridoy, Mahmudullah, Nurul Hasan, Mahedi Hasan, Nasum Ahmed, Mustafizur Rahman, Tanzim Hasan Sakib, Tanzid Hasan Tamim, Zakir Hasan, Rishad Hossain and Syed Khaled Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...