ඉන්දියාවේ ආසියානු කුසලාන වාර්තාව ශ්‍රී ලංකාව සම කරයි ද? ප්‍රවේශ පත්‍ර කවුළුත් වසා දැමේ

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(17) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියක (එක්දින හා 20යි 20) අවසන් මහා තරගයක් සදහා ක්‍රීඩා කරන 12 වැනි අවස්ථාව මෙය වන අතර, ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ 10 වැනි අවස්ථාව මෙයයි.

මෙතෙක් පවත්වා ඇති ආසියානු කුසලාන තරගාවලි 15 අතරින් ඉන්දියාව අවස්ථා 7ක ශූරතාවය දිනා තිබෙනවා. ශ්‍රී ලංකාව ජය ගෙන ඇති ශූරතා ප්‍රමාණය 6 ක්.

ඒ අනුව අද දිනයේ දී ඉන්දියාව පරදා ආසියානු කුසලානය පිට පිට දෙවැනි වරටත් ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඉතිහාසයේ ආසියානු කුසලානය වැඩිම වරක් ජය ගත් කණ්ඩායම ලෙස ඉන්දියාව සමග සම මට්ටමකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වනවා.

මේ අතර, අද තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධවලට ලක් වූ ඉන්දීය දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට හා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට අහිමි වී තිබෙනවා.

ඒ අනුව වොෂින්ටන් සුන්දර් ඉන්දීය සංචිතයට කැදවීමට පියවර ගත් අතර, ඔහු ඊයේ(16) පස්වරුවේ දී කොළඹට ළගා වුණා. තණතීරුව දග පන්දු යවන්නන්ට සහාය දක්වන බවට පෙනී ගියහොත් ඔහු අද දිනයේ දී කණ්ඩායමේ ස්ථානයක් හිමි කර ගැනීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. කණ්ඩායමේ ස්ථානයක් වෙනුවෙන් ඔහුට තරගයක් ලබා දිය හැකි අනෙක් ක්‍රීඩකයා වන්නේ ශර්දුල් තාකූර්.

මේ අතර, ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ කැදවා ඇතත්, අද තරගය වෙනුවෙන් දුෂාන් හේමන්ත ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

මතිෂ පතිරණ හැරුණු විට අනෙක් ප්‍රධාන වේග පන්දු යවන්නා වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතිනවා. කසුන් රාජිත හා පසුගිය තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුෂාන් යන දෙදෙනා එම ස්ථානය වෙනුවෙන් තරග වදිනවා. වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද සංචිතයේ රැදී සිටිනවා.

මේ අතර, තරගාවලිය වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම සදහා කොළඹ විද්‍යා මාවතේ පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවේශ පත්‍ර කවුළුව හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළුව මේ වන විට වසා දමා තිබෙනවා.

ඒ, ප්‍රේක්ෂකාගාර සියල්ලෙහිම ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට අලෙවි වී අවසන්ව තිබීම හේතුවෙන්.

ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට මධ්‍යහ්න 12 සිට ක්‍රීඩාංගනය වෙත ඇතුළු වීමට හැකි බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...