තවත් අමිහිරි පරාජයක් සමග ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරදියි

Date:

එංගලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ(14) සිදු වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 161 කින් පරාජයට පත් වීමත් සමගයි.

Leicester හි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 31 කට සීමා කෙරුණා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණූ 273 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව  පන්දුවාර 24.5 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 112 ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් Nat Sciver-Brunt පන්දු 74 කින් ලකුණු 120 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 18 ක් සමගින්. ඇය සිය ශතකය පන්දු 66 කින් වාර්තා කළ අතර, එය එංගලන්තය වෙනුවෙන් පිතිකාරිණියක් එක්දින ඉනිමකදී වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි ඉතිහාසගත වුණේ.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හසිනි පෙරේරා ලකුණු 32(24) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Charlie Dean ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

කෙසේ වෙතත්, එංගලන්ත සංචාරයට ඇතුළත් වූ 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...