බවුමාට සිව්වැනි එක්දින තරගය අහිමි වෙද්දී නොකියා තරගාවලියෙන්ම ඉවතට

Date:

ආබාධක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග අද(15) ආරම්භ වූ සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබෙනවා.

පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහුව අද තරගයෙන් ඉවත් කිරීමටයි එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව තරග 2-1 ක් ලෙස මේ වන විට තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ පසුපසින් රැදී සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම සෙන්චූරියන් හී දී ආරම්භ වූ සිව්වැනි එක්දින තරගයේ දී මෙහෙයවනු ලබන්නේ ඒඩ්න් මාක්‍රම් විසින්.

දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය ද තරග 3-0 ක් ලෙස පරාජයට පත් වීමට දකුණු අප්‍රිකාවට සිදු වුණා.

මේ අතර, පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියාට සිව්වැනි හා 5 වැනි එක්දින තරග ද අහිමි වී තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ නොකියා මෙම සති අන්තයේ දී යළි පන්දු යැවීමේ කටයුතු ආරම්භ කරන බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...