ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් ; තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(14) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 79 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක සිනෙත් ජයවර්ධන ලකුණු 30 ක් රැස් කළ අතර, රුසද ගමගේ හා රවිෂාන් ද සිල්වා පිළිවෙලින් නොදැවී ලකුණු 21 ක් හා 17 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 127 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක්.

කොදෙව් පළමු ඉනිමේ දී විහස් තෙව්මික කඩුලු 5 ක් හා මල්ෂ තරුපති කඩුලු 3 ක් දවා ගත්තා.

අනතුරුව මල්ෂ තරුපති ලකුණු 70 ක් හා රුසද ගමගේ ලකුණු 58 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනිම ශක්තිමත් කළා

කොදෙව් යොවුන් කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 277 ක් ලබා ගත්තා.

ජෝර්ඩන් ජොන්සන් නොදැවී ලකුණු 157 යි. විහස් තෙව්මික කඩුලු 3 ක් දවා ගත් අතර, කවීෂ පියුමාල් හා මල්ෂ තරුපති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැති සිව්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. කණ්ඩායම් දෙක අතර පැවැති එක්දින තරගාවලිය ද තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...