SL v PAK : පන්දුවාර 45 කට සීමා වූ තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ බැවින් කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණේ පස්වරු 5 ටයි. තරගය පස්වරු 5.15 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සදහා පාකිස්තානයෙන් වෙනස්කම් රැසක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 2 ක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊයේ දිනයේ දී පාකිස්තානය වෙනස්කම් 5 ක් සිදු කරමින් අද තරගය සදහා කණ්ඩායමක් නිවේදනය කළ නමුත්, එලෙස නිවේදනය කළ කණ්ඩායමට ද අද දිනයේ දී වෙනස්කම් 2ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉමාම් උල් හක්ට මෙම තරගය අහිමි වී ඇති අතර, ෆකාර් සමාන් කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

සවුද් ශකීල් උණ රෝගයකින් පසුවන බැවින් ඔහු වෙනුවට අබ්දුල්ලාහ් ශෆික් කණ්ඩායමට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා කුසල් පෙරේරා හා ප්‍රමෝද් මදුෂාන් කැදවා ඇත්තේ දිමුත් කරුණාරත්න හා කසුන් රාජිත වෙනුවටයි.

Pakistan XI:

Fakhar Zaman, Abdullah Shafique, Babar Azam (c), Mohammad Rizwan (wk), Mohammad Haris, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Mohammad Wasim, Shaheen Shah Afridi, Zaman Khan

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Perera, Kusal Mendis(w), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dunith Wellalage, Maheesh Theekshana, Pramod Madushan, Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...