ඉන්දීය පිතිකරුවන් තිදෙනෙකු වසර 5 කට පසු ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් නවතම අයි.සී.සී එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය සමග පැවැති තරගයේ දී ඔහු ලකුණු 58 ක් රැස් කිරීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී ඔහු ලකුණු 19 කට දැවී ගියා.

පාකිස්තානයට එරෙහිව දැක් වූ දක්ෂතා හේතුවෙන් ගිල් (ශ්‍රේණිගත ලකුණු 759) ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති අතර, පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණ රැක ගැනීමට පාකිස්තානයේ බාබර් අසාම් (ශ්‍රේණිගත ලකුණු 863) සමත්ව සිටිනවා.

පාකිස්තානයට එරෙහිව නොදැවුණු ශතකයක් වාර්තා කළ විරාත් කෝලි 8 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, නේපාලයට එරෙහිව ලකුණු 74* ක්, පාකිස්තානයට එරෙහිව ලකුණු 56 ක් හා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 53 ක් රැස් කළ රෝහිත් ෂර්මා 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඉන්දීය පිතිකරුවන් තිදෙනෙකු එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 තුළ මෙලෙස රැදී සිටින්නේ 2018 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

බාබර්ට අමතරව පාකිස්තානයේ ඉමාම් උල් හක් (5) හා ෆකාර් සමාන් (10) ද එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 තුළ රැදී සිටිනවා.

අවසන් එක්දින තරග 8 තුළ දී ශතක 3 ක් හා අර්ධ ශතක 2 ක් වාර්තා කළ දකුණු අප්‍රිකාවේ ටෙම්බා බවුමා පිතිකරුවන් අතර 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 21 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඩේවිඩ් වෝනර් 5 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, ට්‍රැවිස් හෙඩ් 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ද, මර්නස් ලබුෂේන් 45 වැනි ස්ථානය දක්වා ස්ථාන 24 කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සම දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ කුල්දීප් යාදව් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5 කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...