තියුණු සටනකින් ඇෆ්ඝනිස්තානය පරදා ශ්‍රී ලංකාව සුපිරි 4 වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා ලකුණු දෙකක තියුණු ජයක් ලබමින් තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද(5) සිදු වුණා.

පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති මෙම තරගයේ කාසි‌යේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291 ක් රැස් කළා. තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයේ ජය පමණක් ප්‍රමාණවත් නොවූ අතර, ඒ සදහා ඔවුන් ලකුණු 292 ක ඉලක්කය පන්දුවාර 37.1 ක් තුළ හඹා යාම අවශ්‍ය වුුුණා.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට පන්දුවාර 37.4 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 289 ක් පමණයි.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 50 ක් තුළ බිද වැටුණා. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 4කටත්, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 7කටත් දැවී ගිය අතර, ගුල්බදීන් නයිබ් ලකුණු 22 යි.

අනතුරුව රහ්මට් ශාහ් හා නායක හෂ්මතුල්ලාහ් ශහීඩි සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 71 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

රහ්මට් ලකුණු 45(40)කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මොහමඩ් නබී පන්දු 32 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ඉහළ බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වුණා. නබී හා හෂ්මතුල්ලාහ් අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 80 (47) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

© AFP/Getty Images

කරීම් ජනට් ලකුණු 22(13) ක් හා හෂ්මතුල්ලාහ් ලකුණු 59(66) ක් ලබා සිටියදී දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

කෙසේ වෙතත්, රෂීඩ් ඛාන් හා නජිබුල්ලාහ් සඩ්‍රාන් යළි ඇෆ්ඝනිස්තාන පිල සටනට අවතීර්ණ කළේ 8 වැනි කඩුල්ලට ලකුණු 39 (23) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්. සඩ්‍රාන් ලකුණු 23 (15) කට දැවී ගියා.

රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 27(16) ක් ලබා ගත් නමුත් එය ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

38 වැනි පන්දුවාරය යොමු කළ ධනංජය ද සිල්වා ඉනිමේ අවසන් කඩුලු දෙක දවා ගනිමින් ශ්‍රී ලංකාවට තියුණු ජයක් හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත්තා. දුනිත් වෙල්ලාලගේ හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 84 කින් ලකුණු 92 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.පැතුම් නිස්සංක ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් රැස් කරමින් මුල් පෙල ශක්තිමත් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ සම්බන්ධතාවය ලකුණු 63 ක්.

චරිත් අසලංක ලකුණු 36 යි. චරිත් හා මෙන්ඩිස් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 102 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දසුන් ශානක ලකුණු 5කට දැවී යාමෙන් පසුව (227/7) 8 වැනි කඩුල්ල සදහා දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ ලකුණු 64 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

දුනිත් නොදැවී ලකුණු 33(39) යි. තීක්ෂණ ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී ගියේ ලකුණු 28(24) ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත්තා. රෂීඩ් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 63 ක් ලබා දෙමින්.

[team_standings 50662]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...