කොළඹ තරග හම්බන්තොටට රැගෙන යාමේ තීරණය යළි සංශෝදනය කෙරේ

Date:

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ කොළඹ පැවැත්වීමට නියමිත තරග හා අවසන් මහා තරගය නියමිත පරිදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ යළි අවධානය යොමුව තිබෙනවා.

මීට පෙර ඔවුන් සැලසුම් කළේ කොළඹට ඇද හැලෙන වර්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තරග හම්බන්තොට ක්‍රීඩාංගනයේ පැවැත්වීමටයි.

නමුත්, එම තීරණය තාවකාලිකව අත්හිටුවා එම තරග නියමිත පරිදි කොළඹ දී ම පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයට බලපෑ වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වයේ යම් අඩු වීමක් ද මේ වන විට පෙන්නුම් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම මහනුවර සිට අද(5) දහවල් කොළඹ ‌ටාජ් සමුද්‍රා හෝටලය වෙත පැමිණි බව ද සදහන්.

වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය දෙවැනිදා පැවැති ඉන්දු-පාකිස්තාන තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් කිරීමට සිදු වුණා. එමෙන්ම ඊයේ(4) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති ඉන්දු-නේපාල තරගයට ද වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පමණක් පාකිස්තානයේ ලාහෝර් නුවර දී හෙට පැවැත්වීමට නියමිත අතර, අනතුරුව සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 5 හා අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...