ආසියානු කුසලානයේ වැඩිම ලකුණුලාභියා තරගාවලියෙන් ඉවතට

Date:

බංග්ලාදේශ පිතිකරු නජ්මුල් හොසේන් ශන්ටෝට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරගයේ දී පාදයකට ආබාධයකට ලක් වීම හේතුවෙන්.

එම තරගයේ දී විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කිරීමට ද ඔහු සමත් වුණා.

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව සුදුසු යෝග්‍යතාවයකින් පසු කර ගැනීමේ අරමුණින් ඔහුව කඩිනමින් යළි බංග්ලාදේශයට කැදවා ගැනීමට නියමිත අතර, අනතුරුව නජ්මුල් හොසේන් සිය පුනරුත්තාපන කටයුතු ආරම්භ කරනු ඇති.

ඔහු වෙනුවට ලිටොන් දාස් බංග්ලාදේශ සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලිටොන් දාස් පළමුව සංචිතයට ඇතුළත්ව සිටියද, පසුව ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම නිසා තරගාවලියෙන් ඉවත් කෙරුණා.

නමුත්, අනතුරුව ඔහු සම්පූර්ණ සුවය ලැබීමත් සමග බංග්ලාදේශ සංචිතය සමග එක්වීම සදහා ඊයේ(5) පාකිස්තානයේ ලාහෝර් නුවර වෙත පිටත්ව ගියා.

නජ්මුල් හොසේන් ශන්ටෝ පාකිස්තානයට එරෙහි ශතකයට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ද වටිනා ලකුණු 89 ක් රැස් කිරීමට සමත් වුණා.

මේ වන විට මෙවර තරගාවලියේ දී ලකුණු 193 ක් රැස් කර ඇති ඔහු තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...