ලෝක කුසලානයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබෝට් මෙම සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, කඩුලු රකින පිතිකරු ජොෂ් ඉන්ග්ලිස් ද සංචිතයට ඇතුළත්.

ආබාධවලට ලක් වූ නායක පැට් කමින්ස්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටක් හා ග්ලේන් මැක්ස්වෙල් ද සංචිතයට නම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකා හා ඉන්දීය සංචාර සදහා පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය හා සැසදීමේ දී නේදන් ඇලස්, ආරෝන් හාර්ඩී, තන්වීර් සංගා මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

ටිම් ඩේවිඩ්, මර්නස් ලබුෂේන් හා ස්පෙන්සර් ජොන්සන් ද මේ වන විට ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය සමග දකුණු අප්‍රිකාවේ රැදී සිටින නමුත්, ඔවුන් ද ලෝක කුසලාන සංචිතයට නම් කර නැහැ.

සංචිත සදහා වෙනස්කම් සිදු කිරීමට සැප්තැම්බර් 28 වැනිදා දක්වා සියලු රටවල් වෙත අවස්ථාව පවතිනවා. සැප්තැම්බර් 28 වැනිදායි පසුව වෙනස්කම් සිදු කිරීමේ දී ඒ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය අවශ්‍ය වනවා.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 8 වැනිදා සත්කාරක ඉන්දියාවට එරෙහිව චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.

Australia ODI World Cup squad

Pat Cummins, Sean Abbott, Ashton Agar, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...