Watch : ශතකය අභියස මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවී ගිය හැටි

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී ශතකය ආසන්නයේ දී අවාසනාවන්ත දැවී යාමකට ලක් වීමට ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස්ට අද(5) සිදු වුණා.

ඇෆ්ඝනිස්තානයට එරෙහි මෙම තරගය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 84 කින් ලකුණු 92 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේ 40 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී යි.

රෂීඩ් ඛාන් යොමු කළ එම පන්දුවේ දී දසුන් ශානක එල්ල කළ පහරකින් පසුව උඩ පන්දුවක් ලෙස පැමිණි පන්දුව රැක ගැනීමට රෂීඩ් උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඔහුගේ අතෙහි වැදුණු පන්දුව පන්දු යවන අන්තයේ පිහිටි කඩුල්ලෙහි වැදුණේ කුසල් මෙන්ඩිස්ට සිය කඩුල්ල අහිමි කරමින්.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...