සුපිරි 4 වටයට සුදුසුකම් ලබන්න ඇෆ්ඝනිස්තානයට ලද අභියෝගය මෙන්න

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයට ලකුණු 292 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන මෙම තරගයේ කාසි‌යේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291 ක් රැස් කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම තරගයේ ජය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ සදහා ඔවුන් ලකුණු 292 ක ඉලක්කය පන්දුවාර 37.1 ක් තුළ හඹා යාම අනිවාර්යය වනවා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 84 කින් ලකුණු 92 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

පැතුම් නිස්සංක ලකුණු 41 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 32 ක් රැස් කරමින් මුල් පෙල ශක්තිමත් කළා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ  සම්බන්ධතාවය ලකුණු 63 ක්.

චරිත් අසලංක ලකුණු 36 යි. චරිත් හා මෙන්ඩිස් අතර සිව්වැනි කඩුල්ලට ලකුණු 102 (99) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දසුන් ශානක ලකුණු 5කට දැවී යාමෙන් පසුව 8 වැනි කඩුල්ල සදහා දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ ලකුණු 64 (63) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

දුනිත් නොදැවී ලකුණු 33(39) යි. තීක්ෂණ ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී ගියේ ලකුණු 28(24) ක් ලබා සිටියදීයි.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් ලකුණු 60 කට කඩුලු 4 ක් දවා ගත්තා. රෂීඩ් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 63 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...