දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩකයා එක්දින පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බව දකුණු අප්‍රිකා කඩුලු රකින පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් පවසනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුවයි එරට ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ.

30 හැවිරිදි ඩී කොක් මේ වන විට එක්දින තරග 140 කදී දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර, එහිදී ලකුණු 5,966 ක් රැස් කිරීමට ඔහු සමත්ව තිබෙනවා.

2013 වසරේ දී එක්දින වරම් දිනූ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 44.85 ක් ලෙසයි. ශතක 17 හා අර්ධ ශතක 29 ක් ඔහුගේ එක්දින ජාත්‍යන්තර දිවියට ඇතුළත්.

එමෙන්ම උඩ පන්දු 183 ක් හා ස්ටම්ප් කිරීම් 14 ක් සමග දවා ගැනීම් 197 කට සිය දායකත්වය ලබා දීමට ද ඩී කොක් සමත්ව තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක් එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය වෙනුවෙන් Melbourne Renegades කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ අතර, ඒ හේතුවෙන් ඔහුගේ සේවය ජාතික කණ්ඩායමට ලබා ගැනීම පිළිබද ගැටලු සහගත තත්ත්වයක් ද ඇති වුණා.

බිග් බෑෂ් තරගාවලිය අතරතුර දී ඉන්දීය කණ්ඩායම ද දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, ඒ අනුව ඉන්දියාවට එරෙහි තරගවලින් ඩී කොක් ඉවත් වීමට තීරණය කර තිබූ බව මීට පෙර වාර්තා වී තිබුණා.

2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ඩී කොක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ද පියවර ගත්තා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...