බුම්රා පිය පදවිය ලබයි

Date:

ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පිය පදවිය ලබා තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් ඔහු ඒ බව තහවුරු කළා.

බුම්රා මේ වන විට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බැවින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(4) පැවැත්වීමට නියමිත නේපාලයට එරෙහි තරගය සදහා ක්‍රීඩා කිරීමට ද ඔහුට නොහැකි වනවා.

ඔහු යළි ආසියානු කුසලාන තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් පිළිබද මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

ඉන්දියාව තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් අද තරගයෙන් පසුව ක්‍රීඩා කරන මීළග තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10 වැනිදා පාකිස්තානයට එරෙහිවයි.

ඒ අනුව එම තරගය සදහා ක්‍රීඩා කිරීමට බුම්රා අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...