කඩුලු 10 කින් නේපාලය පරදා ඉන්දියාව සුපිරි 4 වටයට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් නේපාලය පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(4) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230 ක් රැස් කළා.

නේපාල ඉනිමට මෙන්ම ඉන්දීය ඉනිමට ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එහි ප්‍රතිපලයක් ලෙස තරගය ජය ගැනීමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඉන්දියාවට පන්දුවාර 23 කදී හිමි වූ ඉලක්කය ලකුණු 145 ක්.

ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 20.1 කදී කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

නායක රෝහිත් ෂර්මා පන්දු 59 කින් ලකුණු 74 ක් නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

ෂුබ්මන් ගිල් පන්දු 62 කින් නොදැවී ලකුණු 67 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් නේපාලය වෙනුවෙන් Aasif Sheikh ලකුණු 58 ක්, Sompal Kami ලකුණු 48 ක් හා Kushal Bhurtel ලකුණු 38 ක් රැස් කළා.

Kushal Bhurtel හා Aasif Sheikh අතර පළමු කඩුල්ල සදහා පන්දුවාර 9.5 ක් තුළ දී ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 65 ක්.

මෙම තරගයේ දී ඉන්දීය පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීම් ප්‍රදර්ශනය කළ අතර, උඩ පන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

[team_standings 50660]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...