නවසීලන්තයට ලකුණු 74 ක ජයක්

Date:

එංගලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 74 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය පරාජයට පත් නොවී සිටීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරග 4 කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරග දෙක එංගලන්තය ජය ගත් අතර, තෙවැනි තරගය පැවැත්වුණේ බර්මිංහැම් හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා ගත්තා.

ෆින් ඇලන් ලකුණු 83(53) ක් රැස් කළ අතර, ග්ලේන් පිලිප්ස් ලකුණු 69(34) ක් ලබා ගත්තා. ඇලන්ගේ ඉනිමට හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර, පිලිප්ස්ගේ ඉනිම හයේ පහර හා හතරේ පහර 5 බැගින් වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් (Gus Atkinson) ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

ජොස් බට්ලර් ලකුණූ 40(21) ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 26(16)යි.

පන්දු යැවීමේ දී ක්යල් ජමීසන් හා ඉෂ් සෝදි කඩුලු 3 බැගින් බිද හෙලුවා. ටිම් සවුති කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්.

ඒ අනුව තවදුරටත් එංගලන්තය තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...