බංග්ලාදේශය සුපිරි 4 වටයට ; ශ්‍රී ලංකාවට වෙන්නේ මොකක්ද?

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සදහා මේ වන විට කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයෙන් පාකිස්තානය ද, B කාණ්ඩයෙන් බංග්ලාදේශය ද සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත්තේ ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකේ ප්‍රතිපල අනුවයි.

නේපාලය පරදා පාකිස්තානය ලැබූ ජයත්, ඉන්දියාවට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වීමත් හේතුවෙන් පාකිස්තානය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත්තා.

එම කාණ්ඩය යටතේ අද(4) පැවැත්වෙන ඉන්දු-නේපාල තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

B කාණ්ඩය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කළ පළමු තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වූ නමුත්, ඊයේ(3) පැවැති තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා බංග්ලාදේශය ලකුණු 89 ක දැවැන්ත ජයක් වාර්තා කළා.

ඒ අනුව මේ වන විට ඔවුන් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ (ප්‍රසාද ලකුණු 2) රැදී සිටින්නේ +0.373 ක ශුද්ධ ලකුණු වේගයක් සටහන් කර ගනිමින්.

ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ පළමු ස්ථානයේ (ප්‍රසාද ලකුණු 2) පසුවන අතර, ඇෆ්ඝනිස්තානය තෙවැනි ස්ථානයේ (ප්‍රසාද ලකුණු 0) රැදී සිටිනවා. එම කණ්ඩායම් දෙකේ ශුද්ධ ලකුණු වේගය පිළිවෙලින් සටහන්ව ඇත්තේ +0.951 හා -1.780 ක් ලෙසයි.

ඒ අනුව මීළග තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඇෆ්ඝනිස්තානය ජය ලැබුවද, ඔවුන්ට සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට එම ජයග්‍රහනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ, ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය ඉතා පහළ මට්ටමක පවතින බැවින්.

ඒ අනුව ශුද්ධ ලකුණු වේගය ඉහළ මට්ටමකට රැගෙන එමින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තානය මීළග තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දැවැන්ත ජයක් වාර්තා කළ යුතුයි. ඔවුන් එසේ දැවැන්ත ජයක් වාර්තා කළහොත්, ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ප්‍රමාණය බංග්ලාදේශයටත් වඩා පහතට ඇද වැටෙනු ඇති.

ඒ අනුව පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර තරගයේ ප්‍රතිපලය බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඇද දැමීමට හේතු වන්නේ නැහැ. ඒ අනුවයි බංග්ලාදේශය මේ වන විටත් සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ඇත්තේ.

හෙට(5) පැවැත්වෙන ශ්‍රී ලංකා-ඇෆ්ඝනිස්තාන තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීළග වටයට සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව අවම පරතරයකින් තරගය පරාජයට පත්වුවද, එය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැහැ.

කෙසේ වෙතත්, එම තරගයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු පරතරයකින් පරාජයට පත් වුවහොත් (ලකුණු 70 කින් පමණ හෝ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 36 කින් පමණ හඹා ගොස් ජය ගතහොත්) ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගනු ඇති.

ප්‍රසාද ලකුණු සටහන –

[team_standings 50660]

[team_standings 50662]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...