Watch : හයේ පහරෙන් පසුව ප්‍රේක්ෂකයෙක් පන්දුවට කරපු නොහොබිනා වැඩේ

Date:

දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී ක්‍රීඩාංගනයට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙකු විසින් සිදු කළ ක්‍රියාවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඩර්බන් හී දී අද(3) පස්වරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

Donovan Ferreira පන්දු 21 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහරක් සමගින්. Aiden Markram ලකුණු 41(23) ක් හා Reeza Hendricks ලකුණු 42(30) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sean Abbott ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.

ඉනිම අතරවාරයේ දී Ferreira එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව රැක ගත් ප්‍රේක්ෂකයෙකු විසින් එම පන්දුවෙහි සිය අත්සන වැනි යමක් සටහන් කර යළි ක්‍රීඩාංගනයට පන්දුව විසි කිරීම කැපී පෙනුණා.

අනතුරුව එම පන්දුව වෙනුවට වෙනත් පන්දුවක් ආදේශ කිරීමට ද විනිසුරුවන් කටයුතු කළා. (දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...