සිම්බාබ්වේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවිත ගමනට සමු දෙයි

Date:

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් ඔහුගේ බිරිද විසින් ඒ බව තහවුරු කළා.

49 වන වියේ පසු වූ හීත් ස්ට්‍රික් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවට මෙම වසර මුලදී අනාවරණය වී තිබූ අතර, ඔහු ඒ සදහා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.

සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. 2000 වසරේ සිට 2004 වසර දක්වා හීත් ස්ට්‍රික් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933 ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445 ක් දවා ගැනීමට ද සමත් වුණා.

2021 වසරේ දී දූෂන චෝදනා හේතුවෙන් හීත් ස්ට්‍රික්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් වසර 8 ක තහනමක් පනවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...