වැස්ස නිසා ආසියානු කුසලානයේ සුපිරි 4 වටයේ තරගවල වෙනසක් සිදු වන ලකුණු

Date:

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග පැවැත්වෙන ක්‍රීඩාංගනයේ සංශෝදනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ඊයේ(2) පැවැති ඉන්දු-පාකිස්තාන තරගය ද ප්‍රතිපලයකින් තොරවයි අවසන් කිරීමට සිදු වුණේ.

තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර දී එළඹෙන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අනතුරුව සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 5 හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගනයේ දී යි.

කොළඹ පැවැත්වීමට නියමිත එම තරග දඹුල්ලේ දී පැවැත්වීම පිළිබද මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව ඇති බව Indian Express වාර්තා කර තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කණ්ඩායම් දැනුවත් කිරීමට ද ආසියානු ක්‍රිකට් කවුන්සල බළධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

ආසියානු කුසලාන තරගාවලිය වර්ෂාව අවම කලාපයක පිහිටි දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර යෝජනා කර තිබූ බව ද Indian Express වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, කණ්ඩායම් හා විකාශකයින් දඹුල්ලේ සංචාරය කිරීමට සිය අකමැත්ත පල කිරීම නිසා තරගාවලියේ තරග මහනුවර දී හා කොළඹ දී පැවැත්වීමට තීරණය කෙරුණු බව සදහන්.

නමුත් පවතින තත්ත්වය මත කොළඹ පැවැත්වීමට නියමිත තරග වෙනත් ක්‍රීඩාංගනයකදී පවත්වන්නේ දැයි ආසියානු ක්‍රිකට් කවුන්සලය ඉදිරි දින කිහිපයේ දී නිවේදනය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...