BBL විදෙස් ක්‍රීඩක කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 ක්

Date:

එළඹෙන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ අවස්ථාව (draft) සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද (28) නිවේදනය කළා.

ඒ අනුව රටවල් 29 කින් පිරිමි ක්‍රීඩකයින් 376 දෙනෙකු කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාකිස්තානයෙන් ක්‍රීඩකයින් 30 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් මෙම අවස්ථාවට ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක්. ඒ අතරට හැරිස් රවුෆ්, නසීම් ශාහ්, ශඩාබ් ඛාන් හා මොහමඩ් රිස්වාන් වැනි ක්‍රීඩකයින් ද අයත්.

ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක්, රසී වැන් ඩර් ඩසන්, කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් හා සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ද මෙම ක්‍රීඩක ලැයිස්තුවට ඇතුලත්ව සිටිනවා.

ක්‍රීඩක ලැයිස්තුව සදහා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් ද ඇතුළත්ව සිටීම කැපී පෙනෙනවා. ඔස්ට්‍රේලියාව විසින් ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලියක් අවලංගු කිරීමට ගත් තීරණයත් සමග තමා ද බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවට මීට පෙර රෂීඩ් ඛාන් විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබුණා.

කෙටුම්පත් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු හා එක් ක්‍රීඩිකාවක් ඉදිරිපත් කෙරෙනවා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, සචිදු කොළඹගේ, දුෂාන් හේමන්ත, ශෙහාන් ජයසූරිය හා ලහිරු සමරකෝන් යන ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙනු ඇති.

බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන එකම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ චමරි අතපත්තුයි.

2023/24 බිග් බෑෂ් ලීග් තරගාවලියේ විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීම සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...