යෝග්‍යතාවය සනාථ කරන්න විලියම්සන්ට සති දෙකක කාලයක්

Date:

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් තමා පසුවන බව පෙන්වීමට නවසීලන්ත නායක කේන් විලියම්සන්ට සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.

33 හැවිරිදි ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේ දී ම දකුණු දණහිසෙහි ආබාධයකට ලක්වුණේ පන්දු රකිමින් සිටින අතරවාරයේදී යි. අනතුරුව ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට එංගලන්ත තරග සංචාරයක් ආරම්භ කර ඇති අතර, විලියම්සන් එංගලන්තයේ දී නවසීලන්ත සංචිතය සමග එක්ව සිටින්නේ අඛන්ඩව සිය පුනරුත්තාපන කටයුතුවල නිරත වීමේ අරමුණින්.

ලෝක කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය සියලු කණ්ඩායම් විසින් සැප්තැම්බර් 5 වැනිදාට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ලබා දිය යුතුයි.

කෙසේ වෙතත්, එම සංචිත සදහා අයි.සී.සී අනුමැතියකින් තොරව වෙනස්කම් සිදු කිරීමට සැප්තැම්බර් 28 වැනිදා දක්වා සියලු කණ්ඩායම්වලට අවස්ථාව පවතිනවා.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ද නවසීලන්තය හා එංගලන්තය අතරයි.

මේ අතර, එංගලන්තයට එරෙහිව එළඹෙන බදාදා (30) ආරම්භ වීමට නියමිත තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නීෂම් තීරණය කර තිබෙනවා.

32 හැවිරිදි ඔහු මෙවර හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම නියෝජනය කළ අතර, ඔහුගේ බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින් නීෂම් මෙලෙස යළි සිට රට බලා පිටත්ව යාමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු වෙනුවට Cole McConchie සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...