ඩු ප්ලෙසිස් CPL පිටියෙන් ඉවතට ; නායකත්වය රාසාට

Date:

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

සී.පී.එල් තරගාවලිය අතරතුර දී ඔහුගේ වැලමිටෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි එලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධය නිසා ඩු ප්ලෙසිස්ට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වන බව සදහන්.

දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් අනතුරුව ඩු ප්ලෙසිස් එම ශල්‍යකර්මයට මුහුණ දෙනු ඇති.

ඔහුට තරගාවලිය අහිමි වීම නිසා සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ඉදිරි තරගවලදී කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඩු ප්ලෙසිස් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ කොලින් මන්රෝ. කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇති විදෙස් ක්‍රීඩකයා වන්නේ ද කොලින් මන්රෝ.

ආබාධය හා සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස්ට මාස 3ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...