ඩිල්ෂාන්ගේ නිව් යෝර්ක් පරදා තිසර හා උපුල්ගේ ටෙක්සාස් පිල සුපිරි පන්දුවාරයේ දී US Masters T10 ශූරතාවය දිනයි

Date:

තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කළ New York Warriors කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී පරාජයට පත් කරමින් මෙවර US Masters T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරා හා උපුල් තරංග ක්‍රීඩා කළ Texas Chargers කණ්ඩායම සමත් වුණා.

ෆ්ලොරිඩාහි Lauderhill හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ටෙක්සාස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නිව් යෝර්ක් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටෙක්සාස් කණ්ඩායමට සොහයිල් ඛාන් ලකුණු 15 කට දවා ගත් කඩුලු 5 හමුවේ පන්දුවාර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ද ලකුණු 92 ක් පමණයි. ඒ, ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 75 දී බිද වැටුණු පසුබිමකයි. තෙවැනි කඩුල්ල දැවී යන විට ඔවුන්ට පන්දු 24 කින් ජයග්‍රහනයට ලබා ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 18 ක්.

අනතුරුව ජයග්‍රාහකයා තෝරා ගැනීම වෙනුවෙන් ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ටෙක්සාස් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා ගත් නමුත්, පිළිතුරු ලෙස නිව් යෝර්ක් කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 13 ක් පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නිව් යෝර්ක් පිල වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 18 ක් රැස් කළ අතර, ජොනතන් කාර්ටර් පන්දු 17 කින් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා. කාර්ටර්ගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඇතුළත්.

පන්දු යැවීමේ දී එහ්සාන් අඩිල් ලකුණු 11 කට කඩුලු 3 ක් බිද හෙලුවා. තිසර පෙරේරා කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 15ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටෙක්සාස් පිල වෙනුවෙන් මොහමඩ් හෆීස් ලකුණු 46(17) ක් රැස් කළේ හතරේ පහර හා හයේ පහර 4 බැගින් එල්ල කරමින්. බෙන් ඩන්ක් ලකුණු 20 යි. තිසර පෙරේරා ලකුණු 4කටත්, උපුල් තරංග එක් ලකුණකටත් දැවී ගියා.

තරගයේ තියුණු අවසානය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...