ලිටොන් දාස් තවමත් බංග්ලාදේශයේ ; ශ්‍රී ලංකා තරගයත් අහිමි වීමේ අවධානමක්

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හා ආරම්භක පිතිකරු ලිටොන් දාස්ට ඊයේ (27) දිනයේ දී සෙසු බංග්ලාදේශ ක්‍රීඩකයින් සමග ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඒ, ඔහු උණ රෝගී තත්ත්වයෙන් පෙළීම හේතුවෙන්. ලිටොන් දාස් වෛද්‍ය පරීක්ෂණ රැසකට මුහුණ දී ඇති අතර, එම වෛද්‍ය වාර්තාවල කිසිදු ගැටලුවක් නොමැති බව සදහන්.

මෙම අසනීප තත්ත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය යටතේ එළඹෙන 31 වැනිදා ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු තරගය ද ඔහුට අහිමි වීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔහු හැරුණු විට ශකිබ් අල් හසාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතයේ සෙසු සියලු ක්‍රීඩකයින් ඊයේ පස්වරුවේ දී ශ්‍රී ලංකාවට පැමිණියා.

ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින බංග්ලාදේශයේ අනෙක් ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ ඇෆ්ඝනිස්තානයයි.

ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර තරගය සැප්තැම්බර් 3 වැනිදා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...