ලෝක කුසලානය අභියස මැක්ස්වෙල්ට ආබාධයක් ; මැතිව්ට කැදවීමක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් අනතුරුව ඩර්බන් හී දී ඔවුන් එක් වූ පළමු පුහුණු සැසියේ දී ඔහු වළලුකර ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට මැතිව් වේඩ් ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් පූර්වාරක්ෂක ක්‍රියාවලියක් ලෙස ග්ලේන් මැක්ස්වෙල් 20යි 20 සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු නිළධාරී Tony Dodemaide සදහන් කළේ.

දකුණු අප්‍රිකා සංචාරයට අයත් 20යි 20 තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා කිරීමට මීට පෙර මැක්ස්වෙල් සූදානමින් සිටි අතර, තරග 5 කින් යුත් එක්දින තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ ඔහුගේ බිරිද පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් පසුවන බැවින්.

අනතුරුව ඔහු ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ දී යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉන්දියාවේ දී එක්වීමට නියමිතව තිබුණා. මේ වන විට ඔහු ආබාධයකට ලක්ව සිටියද ඉන්දියාවට එරෙහි තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඔහු වෙනුවට ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට කැදවූ මැතිව් වේඩ් එංගලන්තයේ දී ඊයේ (27) නිමා වූ හන්ඩ්‍රඩ් තරගාවලිය සදහා London Spirit කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට, වේග පන්දු යවන්නන් වන මිචෙල් ස්ටක්ට හා නායක පැට් කමින්ස්ට ද ආබාධ හේතුවෙන් දකුණු අප්‍රිකා සංචාරය අහිමි වී තිබෙනවා.

20යි 20 තරගාවලියේ දී හා එක්දින තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට නියමිතව ඇත්තේ මිචෙල් මාෂ් විසින්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අනිද්දා (30) ඩර්බන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...