තවත් ප්‍රධාන පන්දු යවන්නෙකුට ආසියානු කුසලානය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ප්‍රධාන වේග පන්දු යවන්නෙකුට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙලෙස ආසියානු කුසලානය අහිමි වී ඇත්තේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකටයි.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට ද මෙවර ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ.

ඒ අනුව ඇතැම් විට ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට කැදවීමට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ ප්‍රධානතම පන්දු යවන්නන් සිව් දෙනෙකු නොමැතිවයි.

මීට පෙර වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීරට හා ලහිරු කුමාරට මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ද එළඹෙන 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආබාධ හේතුවෙන් අහිමි වුණා.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අනිද්දා ආරම්භ වන ආසියානු කුසලානය සදහා සිය සංචිත නිවේදනය කිරීමට මේ වන විට ශ්‍රී ලංකාව හැර සෙසු සියලු කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...