34/5 න් පසු ටොම්-නීෂම් දියත් කළ ප්‍රහාරය හන්ඩ්‍රඩ් ශූරතාවය ඕවල් කණ්ඩායමට හිමි කර දෙයි

Date:

ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 34 දී බිද වැටුණු පසුබිමක ටොම් කරන් හා ජේම්ස් නීෂම් දැක් වූ විශිෂ්ඨ පිතිහරඹ දක්ෂතා හමුවේ 2023 හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Oval Invincibles කණ්ඩායම මෙරට වේලාවෙන් අද(28) අලුයම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Manchester Originals කණ්ඩායම පරදා ලකුණු 14 ක ජයක් වාර්තා කරමින්. මෙය ඔවුන් හන්ඩ්‍රඩ් ශූරතාවය ජය ගත් පළමු අවස්ථාවයි.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ මැන්චෙස්ටර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕවල් කණ්ඩායම නියමිත පන්දු 100 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්තා.

ජේසන් රෝයි ලකුණු නොලබාත්, විල් ජැක්ස් ලකුණු 14 කටත්, පෝල් ස්ටර්ලින්ග් ලකුණු 5කටත්, සෑම් කරන් ලකුණු නොලබාත්, නායක සෑම් බිලින්ග්ස් ලකුණු 10කටත් දැවී ගියේ පන්දු 36ක් තුළදීයි.

අනතුරුව 6 වැනි කඩුල්ල සදහා ටොම් කරන් හා ජේම්ස් නීෂම් ලකුණු 127* (65) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. එය හන්ඩ්‍රඩ් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ හොදම සම්බන්ධතාවයයි. නීෂම් පන්දු 33 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 7ක් සමගින්. පන්දු 34 කින් නොදැවී ලකුණු 67 ක් වාර්තා කළ කරන්ගේ ඉනිම හයේ පහර 5 කින් හා හතරේ පහර 4 කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී රිචර්ඩ් ග්ලීසන් කඩුලු 2 ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල්, පෝල් වෝල්ටර් හා ටොම් හාර්ට්ලි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැන්චෙස්ටර් කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

මැක්ස් හෝල්ඩන් ලකුණු 37 (25) ක්, ජෙමී ඕවර්ටන් නොදැවී ලකුණු 28 (19) ක් හා පිල් සෝල්ට් ලකුණු 25(16) ක් ලබා ගත්තා. ටොම් හාර්ට්ලි නොදැවී ලකුණු 16 ක් ලබා ගත් අතර, නායක ජොස් බට්ලර් ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විල් ජැක්ස් කඩුලු 2 ක් බිද හෙලූ අතර, සෑම් කරන්, ටොම් කරන්, නේදන් සෝටර් හා ඩැනී බ්‍රිග්ස් කඩුල්ල බැගින් දවා ගත්තා.

මේ අතර, තරගාවලියේ කාන්තා ශූරතාවය දිනා ගැනීමට අවසන් තරගයේ දී Northern Superchargers කණ්ඩායම ලකුණු 34 කින් පරාජයට පත් කළ Southern Brave කණ්ඩායම සමත් වුණා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...