Asia Cup 2023 : පාකිස්තාන සංචිතයට වෙනසක්

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වමත් පිතිකරු සවුද් ශකීල් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම සංචිතයට නම් කර සිටි  මෙතෙක් එක්දින වරම් දිනා නොමැති දකුණත් පිතිකරු Tayyab Tahir ප්‍රධාන සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය සමග තවදුරටත් රැදී සිටිනු ඇති.

පාකිස්තාන කණ්ඩායම මේ වන විට ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර, ඔවුන් හෙට(27) දිනයේ දී යළි මුල්තාන් නුවර වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

අනතුරුව එළඹෙන 28 වැනිදා ඔවුන්ට විවේක දිනයක් ලබා දී ඇති අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වූ පාකිස්තාන ක්‍රීඩකයින්ට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් යම් සහනයක් ද ලබාදී තිබෙනවා.

බාබර් අසාම්, ඉමාම් උල් හක් හා නසීම් ශාහ් හෙට දිනයේ දී ලාහෝර් වෙත පිටව යන බවත්, ඔවුන් සදුදා පස්වරුවේ දී සංචිතය සමග එක්වන බවත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පාකිස්තාන ක්‍රීඩකයින් එළඹෙන 29 වැනිදා පස්වරුවේ දී මුල්තාන් හී දී පුහුණුවීම් කටයුතුවල නිරත වීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානය ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 30 වැනිදා නේපාලයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Pakistan squad:

Babar Azam (c), Shadab Khan (vice-captain), Abdullah Shafique, Faheem Ashraf, Fakhar Zaman, Haris Rauf, Iftikhar Ahmed, Imam-ul-Haq, Mohammad Haris (wk), Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Jnr, Naseem Shah, Salman Ali Agha, Saud Shakeel, Shaheen Afridi and Usama Mir.

Traveling reserve: Tayyab Tahir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...