ඇෆ්ඝනිස්තානය පරදා පාකිස්තානය ලෝකෙන්ම එක වෙයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගනිමින් අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(26) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු 59 ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව ශ්‍රේණිගත ලකුණු 118 ක් ලබා මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තානය එහි පළමු ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණියා. ඒ, ශ්‍රේණිගත ලකුණු 119 කට හිමිකම් කියමින්.

මෙතෙක් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාවට (ශ්‍රේණිගත ලකුණු 118) මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.

තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

මොහමඩ් රිස්වාන් ලකුණු 67(79), බාබර් අසාම් ලකුණු 60(86)ක්, අගා සල්මාන් නොදැවී ලකුණු 38 ක් හා මොහමඩ් නවාස් ලකුණු 30 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් හා ෆරීඩ් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 209 ක් පමණයි.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින තරගයකදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ මුජීබ් උර් රහ්මාන් ලකුණු 64 ක් පන්දු 37 කින් ලබා ගත්තා. ඒ, හයේ පහර හා හතරේ පහර 5 බැගින් එල්ල කරමින්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 26 කින් වාර්තා කළා. මුජීබ් දැවී ගියේ හිට් විකට් දැවී යාමකට හසු වෙමින්.

ශහිදුල්ලාහ් ලකුණු 37 ක් ලබා ගත් අතර, රියාස් හසාන් ලකුණු 34 යි. ශහිදුල්ලාහ් හා මුජීබ් අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 (42) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් කඩුලු 3 ක් දවා ගත් අතර, ෆහීම් අශ්රෆ්, මොහමඩ් නවාස් හා ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...