තවත් එංගලන්ත වේග පන්දු යවන්නෙකුට 20යි 20 තරගාවලිය අහිමි වෙයි

Date:

ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙතෙක් සීමිත පන්දුවාර තරගවලදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කර නොමැති ඔහු නවසීලන්තයට එරෙහිව සීමිත පන්දුවාර වරම් දිනා ගනු ඇති බවට අපේක්ෂා කෙරුණා.

25 හැවිරිදි ඔහු අයර්ලන්තයට හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග දෙකක් මෙම ගිම්හාන සෘතුවේ දී ක්‍රීඩා කළ අතර, එහිදී කඩුලු 10ක් දවා ගැනීමට ජොෂ් ටොන්ග් සමත් වුණා.

ඔහු වෙනුවට ක්‍රිස් ජෝර්ඩන් එංගලන්ත 20යි 20 සංචිතයට නම් කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 30 වැනිදා චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හී දී ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක John Turner ට ද නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඒ, එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

Turner වෙනුවට Brydon Carse එංගලන්ත 20යි 20 සංචිතය සදහා ආදේශ කිරීමටයි පසුව පියවර ගැනුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...