ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාලසටහනට තවත් බාධකයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කිරීමට දින කිහිපයක් ඉතිරිව ඇති පසුබිමක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තවත් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ඒ, ඔක්තෝබර් 9 වැනිදා හා 10 වැනිදා අඛණ්ඩව තරග දෙකක් හයිදරාබාද් ක්‍රීඩාංගනයේ පැවැත්වීම ගැටලු සහගත බවට හයිදරාබාද් ක්‍රිකට් සංගමය විසින් සිදු කර ඇති දැනුම් දීමත් සමගයි.

හයිදරාබාද් පොලීසිය විසින් අඛණ්ඩව තරග දෙකක් සදහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට හයිදරාබාද් ක්‍රිකට් සංගමය වෙත දැනුම් දී ඇති බව සදහන්.

ඔක්තෝබර් 9 වැනිදා නවසීලන්තය හා නෙදර්ලන්තය අතර තරගය පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝබර් 10 වැනිදා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය එම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඉදිරියේ දී ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් හයිදරාබාද් ක්‍රිකට් සංගමය වෙත දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි තරග 9ක සංශෝදනයක් සිදු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත්තේ ආගමික උත්සව හා ආරක්ෂාව ලබා දීම පිළිබද ඇති වූ ගැටලු පදනම් කර ගනිමිනුයි.

එහිදී ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා වෙනුවට 14 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණු අතර, ඒ හේතුවෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය 10 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණා.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම එළඹෙන 25 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...