ආසියානු කුසලානයට ඉන්දීය සංචිතය නම් කිරීම හෙට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දීය සංචිතය හෙට(21) දිනයේ දී නම් කිරීමට නියමිතව තිබෙනවා.

අජිත් අගාර්කර්ගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව හෙට දිනයේ දී නව දිල්ලි හී දී රැස් වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම රැස්වීම සදහා ඉන්දීය නායක රෝහිත් ෂර්මා හා පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ද එක්වීමට නියමිතයි.

ඒ අනුව ආබාධවලට ලක්ව සිටි කේ.එල් රාහුල් හා ෂ්රෙයස් අයියර් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ දී ප්‍රේක්ෂකයින්ට දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

අගෝස්තු 30 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා මෙන්ම ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ද එකම සංචිතයක් නම් කිරීමටයි ඉන්දීය තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇත්තේ.

සැප්තැම්බර් 5 වැනිදා වන විට ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් සිය මූලික සංචිත අයි.සී.සීය වෙත ලබා දිය යුතුයි.

ආසියානු කුසලානය වෙනුවෙන් නම් කරන ක්‍රීඩකයින් හා තවත් අතිරේක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු දින 6ක කාලයක් බැංගලූරුහී දී පුහුණු කදවුරකට එක්වීමට නියමිත අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය සැප්තැම්බර් දෙවැනිදා පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර, අනතුරුව ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ද ඔක්තෝබර් 8 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...