LPL සමාප්ති උත්සවයත් අද පස්වරුවේ ; ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දීමක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(20) පැවැත්වෙනවා. අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ දඹුල්ල අවුරා කණ්ඩායම හා බී-ලව් කැන්ඩි කණ්ඩායමයි.

අවසන් තරගය රාත්‍රී 7.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය ආරම්භ වීමට පෙර තරගාවලියේ සමාප්ති උත්සවය පස්වරු 6ට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

උත්කර්ෂවත් සමාප්ති උත්සවය සදහා මෙරට ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

සමාප්ති උත්සවය ශ්‍රී ලංකා ක්‍රිකට් නිල යූ ටියුබ් නාලිකාව හරහා හා මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි නාලිකාව හරහා විකාශය කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීම සදහා පස්වරු 5 සිට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇති විය හැකි තදබදය අවම කර ගැනීම සදහා වේලාසනින් ක්‍රීඩාංගනය වෙත පැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර තුනේදී ම ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ නමුත්, ඔවුන්ට මෙවර අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව පළමු වරට කිංග්ස් කණ්ඩායම හැර වෙනත් කණ්ඩායමකට LPL ශූරතාවය දිනා ගැනීම සදහා මෙවර අවස්ථාව උදා වී තිබෙනවා.

අවුරා කණ්ඩායම අවසන් වටයේ පළමු තරගයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන් කරවා ගත්තා.

කැන්ඩි කණ්ඩායම අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරගවලදී පිළිවෙලින් ජැෆ්නා කිංග්ස් හා ටයිටන්ස් කණ්ඩායම් පරාජයට පත් කරමිනුයි අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...