ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වන දින ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 25 වැනිදා සිට, එනම් ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන තරගාවලියට දින 40 කට ආසන්න කාලයක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ප්‍රේක්ෂකයින්ට සිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා අවස්ථාව හිමි වනවා.

තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන නිවේදනය කිරීමෙන් අනතුරුවයි අයි.සී.සීය විසින් මේ පිළිබද තොරතුරු නිවේදනය කළේ. පළමුව නිකුත් කර තිබූ කාලසටහනෙහි ඇතුළත් තරග 9ක සංශෝදනයක් එහිදී සිදු කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබුණා.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන ප්‍රේක්ෂකයින්ට අගෝස්තු 15 වැනිදා සිට https://www.cricketworldcup.com/register යන වෙබ් ලිපිනයට පිවිස ඒ සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව ද සලසා දී තිබෙනවා.

එය ඔවුන්ට ප්‍රවේශ පත්‍ර පිළිබද පුවත් පළමුව දැන ගැනීමට හා ඔවුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම තහවුරු කර ගැනීමට උපකාරී වනු ඇති.

අගෝස්තු 25 වැනිදා අලෙවි වන්නේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකරන පුහුණු තරග හා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකරන ලෝක කුසලාන තරගාවලියේ තරගවල ප්‍රවේශ පත්‍රයි.

අනතුරුව ඉන්දියාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙකේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අගෝස්තු 30 වැනිදා ආරම්භ කෙරෙනවා. සැප්තැම්බර් 30 වැනිදා එංගලන්තයට එරෙහිවත්, ඔක්තෝබර් 3 වැනිදා ශ්‍රී ලංකාවට හෝ නෙදර්ලන්තයට එරෙහිවත් පුහුණු තරග දෙක පැවැත්වීමට නියමිතයි.

පසුව අගෝස්තු 31 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනවා.

ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු වන ආකාරය:

  • අගෝස්තු 25 – ඉන්දියාව ක්‍රීඩා නොකරන පුහුණු තරග හා ඉන්දියාව ක්‍රීඩා නොකරන ලෝක කුසලාන තරග
  • අගෝස්තු 30 – ඉන්දියාව ක්‍රීඩා කරන පුහුණු තරග (ගුවහාටිහී දී හා තිරුවානන්තපුරම්හී දී)
  • අගෝස්තු 31 – චෙන්නායි, දිල්ලි හා පූනේ හී දී පැවැත්වෙන ඉන්දීය තරග
  • සැප්තැම්බර් 1 – ධරම්සාලා, ලක්නව් හා මුම්බායි හි පැවැත්වෙන ඉන්දීය තරග
  • සැප්තැම්බර් 2 – බැංගලූරුහී දී හා කොල්කටා හී දී පැවැත්වෙන ඉන්දීය තරග
  • සැප්තැම්බර් 3 – අහ්මදාබාද් හී දී පැවැත්වෙන ඉන්දීය තරග
  • සැප්තැම්බර් 15 – අවසන් පූර්ව තරග හා අවසන් තරගය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...