කොදෙව් යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක ; තරග කාලසටහන මෙන්න

Date:

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අගෝස්තු – සැප්තැම්බර් මාසවල මෙරට තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(17) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව ඔවුන් එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර අගෝස්තු 25 වැනිදා කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේ දී කොදෙව් යොවුන් කණ්ඩායම පුහුණු තරගයක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එක්දින තරගාවලිය අගෝස්තු 27, 30 හා සැප්තැම්බර් 1 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ සැප්තැම්බර් 5 වැනිදායි. දෙවැනි සිව්දින තරගය සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනවා.

සිව්දින තරග දෙකම පැවැත්වීමට නියමිතව ඇත්තේ ද දඹුල්ල ක්‍රීඩාංගනයේ දී යි.

තරග කාලසටහන –

  • අගෝස්තු 25 : පුහුණු තරගය – සී සී සී ක්‍රීඩාංගනය

එක්දින තරගාවලිය

  • අගෝස්තු 27 : පළමු එක්දින තරගය – දඹුල්ල ක්‍රීඩාංගනය
  • අගෝස්තු 30 : දෙවැනි එක්දින තරගය – දඹුල්ල ක්‍රීඩාංගනය
  • සැප්තැම්බර් 01 : තෙවැනි එක්දින තරගය – දඹුල්ල ක්‍රීඩාංගනය

සිව්දින තරගාවලිය

  • සැප්තැම්බර් 5-8 – පළමු සිව්දින තරගය – දඹුල්ල ක්‍රීඩාංගනය
  • සැප්තැම්බර් 12-15 – දෙවැනි සිව්දින තරගය – දඹුල්ල ක්‍රීඩාංගනය

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...