Qualifier 1 : කාසියේ වාසිය දිනූ දඹුල්ලෙන් වෙනස්කම් 5 ක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ (Qualifier 1) කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා දඹුල්ල කණ්ඩායමෙන් වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා. බෙන් මැක්ඩමට් හට ආබාධයක් හේතුවෙන් මෙම තරගය අහිමි වී ඇති බවයි නායක කුසල් මෙන්ඩිස් සදහන් කළේ.

මෙන්ඩිස් පසුගිය තරගයට ක්‍රීඩා නොකළ නමුත් ඔහු මෙම තරගය සදහා ක්‍රීඩා කරන අතර, කණ්ඩායමට කැදවා ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ කුසල් පෙරේරා, බිනුර ප්‍රනාන්දු, හසන් අලී හා නූර් අහ්මඩ්.

ඔවුන් වෙනුවට ප්‍රමෝද් මදුෂාන්, ශහ්නවාස් ධහානි, ලක්ෂාන් එදිරිසිංහ හා සචිත ජයතිලක කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ගාල්ල කණ්ඩායම මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනසක් සිදු කර නැහැ.

Galle Titans XI:

Lasith Croospulle, Litton Das(w), Bhanuka Rajapaksa, Shakib Al Hasan, Najibullah Zadran, Dasun Shanaka(c), Lahiru Samarakoon, Seekkuge Prasanna, Kasun Rajitha, Lahiru Kumara, Tabraiz Shamsi

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Dushan Hemantha, Hasan Ali, Binura Fernando, Noor Ahmad

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...