නවසීලන්තය වසර 10කට පසු බංග්ලාදේශ සංචාරයක

Date:

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ තරග කාලසටහන බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අද(17) නිවේදනය කළා.

තරග සංචාරය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, පළමු අදියර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ද, දෙවැනි අදියර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ද ක්‍රියාත්මක වන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම සංචාරයට එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

එක්දින තරගාවලිය සැප්තැම්බර් 21, 23 හා 26 වැනිදා මීර්පූර් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ටෙස්ට් තරගාවලියේ තරග දෙක නොවැම්බර් 28 වැනිදා හා දෙසැම්බර් 6 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එම තරග දෙක පැවැත්වෙන ක්‍රීඩාංගන ඉදිරියේ දී නිවේදනය කරනු ඇති.

ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

නවසීලන්ත කණ්ඩායම අවසන් වරට බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව ඇත්තේ 2013 වසරේ දී යි.

Itinerary of New Zealand tour of Bangladesh:

  • 1st ODI: 21 September, Sher-e-Bangla National Cricket Stadium, Mirpur
  • 2nd ODI: 23 September, Sher-e-Bangla National Cricket Stadium, Mirpur
  • 3rd ODI: 26 September, Sher-e-Bangla National Cricket Stadium, Mirpur
  • 1st Test: 28 November to 2 December, TBC
  • 2nd Test: 6 to 10 December, TBC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...