කෝලිට යකා නැග්ග කෝලිටම ගිලිහුණු උඩ පන්දු දෙක

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ඊයේ(24) අවසන් වුණේ විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 97ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමින්.

පසුගිය තරග වාර කිහිපයේ දී ද සාර්ථක දක්ෂතා පෙන්නුම් නොකළ බැංගලෝර් කණ්ඩායම කෙරෙහි මෙවර බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන එම කණ්ඩායමේ සංචිතයට ඇතුළත්ව සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී ද ඔහුට කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට පිවිසීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

මේ අතර, ඊයේ පැවැති තරගයේ පරාජයට විරාට් කෝලි දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතු වූ බව බොහෝ දෙනෙකු දරන මතයයි.

ඒ, ඔහු අතින් තරගයේ වැදගත්ම අවස්ථාවක කේ.එල්. රාහුල් ලබා දුන් උඩ පන්දු දෙකක් ගිලිහී යාම හේතුවෙන්.

පළමු උඩ පන්දුව ගිලිහී ගියේ කේ.එල් රාහුල් ලකුණු 83ක් ලබා සිටියදීයි.

එම සිදු වීම වූයේ පන්ජාබ් ඉනිමේ 17 වන පන්දුවාරයේ අවසන් පන්දුවටයි.

අනතුරුව ඊළග පන්දුවාරයේ අවසන් පන්දුවට ද කෝලි අතින් යළිත් පහසු උඩ පන්දුවක් ගිලිහී ගිය අතර, ඒ වන විට රාහුල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 89ක්. (දර්ශන මෙතනින්)

ඒ වන විට පන්ජාබ් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටියේ ලකුණු 157ක් පමණයි.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් කේ.එල් රාහුල් නොදැවී ලකුණු 132ක් ලබා ගත්තේ බැංගලෝර් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙමින්.

ඒ අනුව අවසන් පන්දුවාර දෙකේ දී පන්ජාබ් කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාව 49ක්.

ඉන් ලකුණු 42ක්ම රැස් කළේ කේ.එල් රාහුල් වීම විශේෂත්වයක්.

පන්දු රැකීමෙන් අසාර්ථක වූ විරාට් කෝලි පිතිකරණයේ දී ද මෙම තරගයේ දී පන්දු 5කින් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...