රාහුල් 132* – බැංගලෝර් 109 – පන්ජාබයට ලකුණු 97ක ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගයෙන් ලකුණු 97ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක කේ.එල් රාහුල් නොදැවී ලකුණු 132ක් රැස් කළේ පන්දු 69කට පමණක් මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයකදී නායකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඉන්දීය ක්‍රීඩකයෙකු අයි.පී.එල් තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.

ඔහු ශතකය ආසන්නයේ දී උඩ පන්දු දෙකක් ලබා දුන් අතර, එම අවස්ථා දෙකේ දී ම සාර්ථක ලෙස එය රැක ගැනීමට විරාට් කෝලි සමත් නොවීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ශිවම් ඩූබේ ලකුණු 33කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 17කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

වොෂින්ටන් සුන්දර් ලකුණු 30ක්, ඒබී ඩි විලියස් ලකුණු 28ක් සහ ආරෝන් ෆින්ච් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි සහ මුරුගන් අශ්වින් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...