සුපිරි විදෙස් ක්‍රීඩකයින් LPL බෑ කියයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් රැසක් ඉවත් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා Daily Mirror පුවත්පත වෙත සදහන් කර ඇත්තේ දින 14ක කාලයක් නිරෝධායනය සදහා විදෙස් ක්‍රීඩකයින් ලක් කිරීමට අවශ්‍ය බවට මෙරට සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් හේතුවෙන් මෙම අවධානම මතුව ඇති බවයි.

විදෙස් ක්‍රීඩකයින් 150 දෙනෙකු මෙවර එල්.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර, අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා එම වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි.

එහිදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

ක්‍රීඩකයින් 59 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් තරගාවලියට එක්වීම සදහා කැමැත්තෙන් පසු වන බවයි රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 14 වැනිදා, එනම් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වී දින 4කින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එදින සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...