Watch : අවසන් පන්දුවේ නිපන්දුවේ නාටකය පසෙලකා Invincibles කණ්ඩායමට තියුණු ජයක්

Date:

මෙවර හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ තවත් තියුණු අවසානයක් දැක ගත හැකි වූ තරගයක් ඊයේ (15) රාත්‍රියේ පැවැත්වුණා.

ලන්ඩන් නුවර Kennington Oval ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වුණේ Oval Invincibles කණ්ඩායම හා London Spirit කණ්ඩායම අතරයි.

තරගයේ අවසන් පන්දුව නිපන්දුවක් වීම මෙම තරගයේ උණුසුම තවත් තීවෘ කිරීමට හේතු වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් Invincibles කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 189 ක් රැස් කළා.

විල් ජැක්ස් පන්දු 42 කින් ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී නේදන් ඇලස් හා ඩැරල් මිචෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ London Spirit කණ්ඩායමට පන්දු 100 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණයි.

ඇඩම් රොසින්ටන් පන්දු 32 කින් ලකුණු 61 ක් වාර්තා කළා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා හා විල් ජැක්ස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය සදහා ලන්ඩන් කණ්ඩායමට ලකුණු 6 ක් අවශ්‍යව තිබුණා.

සෑම් කරන් යොමු කළ එම පන්දුවේ දී ලන්ඩන් කණ්ඩායම ලකුණු 2ක් පමණක් රැස් කළ බැවින්, අනතුරුව Invincibles ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින් සිය ජය සැමරීම ආරම්භ කරනු ලැබුවා.

නමුත් පසුව තෙවන විනිසුරු විසින් කරන් යොමු කළ පන්දුව නිපන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම නිසා ලන්ඩන් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා තවත් අවස්ථාවක් උදා වුණා.

ඒ අනුව අවසන් පන්දුවේ දී තරගය ජය ගැනීමට ලන්ඩන් පිලට අවශ්‍ය වූයේ ලකුණු 3 ක් පමණයි. කෙසේ වෙතත්, අවසන් පන්දුව විශිෂ්ඨ යෝකර් පන්දුවක් ලෙස යොමු කළ සෑම් කරන් කෙළින්ම පන්දුව මැද ඉන්නෙහිම වැදීමට සළස්වමින් තරගයේ ජය ලකුණු දෙකකින් සිය කණ්ඩායමට තහවුරු කර දුන්නා.

අවසන් පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...