Watch : සියල්ලන් මවිත කරමින් නුවනිදු රැක ගත් සිව්වැනි අදියරේ සුපිරිම උඩ පන්දුව මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ මෙතෙක් දක්නට ලැබුණු විශිෂ්ඨතම උඩ පන්දුව රැක ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු ඊයේ(15) සමත් වුණා.

ඒ, ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමග පැවැති මෙවර එල්.පී.එල් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ දී යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමට පන්දුවාර 15.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 74 ක් පමණයි. එය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු පිල පන්දුවාර 8.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ ගාලු කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත් අතර, කොළඹ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ටයිටන්ස් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලිටොන් දාස් දවා ගැනීම සදහායි නුවනිදු සුපිරි උඩ පන්දුවක් රැක ගත්ත‍ේ.

ජෙෆ්රි වැන්ඩර්සේ යොමු කළ පන්දුවක් හමුවේ ලිටොන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 1 ක්.

එහි දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...