පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද, තමා තවදුරටත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි ඔහු සදහන් කළේ.

වහබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27 ක්, එක්දින තරග 91 ක් හා 20යි 20 තරග 36 ක් ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, 38 හැවිරිදි ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2020 වසරේ දී යි.

රියාස් සිය ටෙස්ට් දිවියේ දී කඩුලු 83 ක් ද, එක්දින කඩුලු 120 ක් ද, 20යි 20 කඩුලු 34 ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු මෑතකදී ක්‍රිකට් පිටියේ දැක ගත හැකි වූයේ 2023 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී යි. එහිදී ඔහු පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

වහබ් රියාස් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...