ස්ටොක්ස් IPL අත්හරියි, ලෝක කුසලානය තෝරා ගනියි

Date:

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ගෙන තිබූ සිය තීරණය වෙනස් කරමින් එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තීරණය කර ඇති බව බ්‍රිතාන්‍යයේ The telegraph වාර්තා කර තිබෙනවා.

ස්ටොක්ස් 2022 වසරේ ජූලි මාසයේ දී එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළේ කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ලෙසට ඔහුට එංගලන්ත ක්‍රිකට් බළධාරීන්ගෙන් ලද ඉල්ලීම සලකා බලා ස්ටොක්ස් දැනුම් දී ඇත්තේ තමා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි.

එංගලන්ත තේරීම් කමිටුව විසින් ලෝක කුසලාන තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් අද(15) දිනයේ දී තෝරා ගැනීමට නියමිත අතර, ඒ අනුව ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සදහා ස්ටොක්ස් ඇතුළත් කිරීමට ඉඩ පවතිනවා.

බෙන් ස්ටොක්ස්ගේ වම් දණහිසෙහි යම් ආබාධයක් පවතින අතර, ඒ සදහා ශල්‍යකර්මයකට ද මුහුණ දීමට ඇතැම් විට ඔහුට ඉදිරියේ දී සිදු වනු ඇති. ආබාධය නිසා පන්දු යැවීමෙන් ද ඔහු මෑත කාලයේ දී වැළකී සිටියා.

අළුබදුන තරගාවලිය නිමා වීමෙන් පසුව 2024 ඉන්දීය ටෙස්ට් තරග සංචාරය දක්වා ඇති මාස 6ක පමණ කාලය ස්ටොක්ස් විසින් මෙම ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට අපේක්ෂාවෙන් පසු වුණා.

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඔහු සිය ආබාධය සුව කර ගැනීම සදහා අවශ්‍ය වන කාලය 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකර (එසේ අවශ්‍ය වුවහොත් පමණක්) ලබා ගැනීමටයි මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

ස්ටොක්ස් විසින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග ඉන්දීය රුපියල් කෝටි 16.25 ක වටිනාකමකින් යුත් ගිවිසුමක් අත්සන් කර ඇති අතර, පවතින තත්ත්වය අනුව එම වටිනා ගිවිසුම ද අවධානමට ලක් කරමින් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බෙන් ස්ටොක්ස් තීරණය කර තිබෙනවා.

2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ඔහු අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...