ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ දඹුල්ල පළමු ස්ථානය තහවුරු කර ගනියි

Date:

ධනංජය ද සිල්වාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ෆකාර් සමාන් ලකුණු 8කටත්, මොහමඩ් හැරිස් ලකුණු 2කටත් දැවී ගියා. වනිදු හසරංග ලකුණු 19(11)යි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 26 (15) ක් රැස් කළා. ඉසුරු උදාන ලකුණු 23යි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් පන්දු 46 කින් ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා පන්දුවාර 2ක් තුළ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 6 ක් ලබා දෙමින්.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 41(27) ක්, බෙන් මැක්ඩමට් ලකුණු 37(23) ක් හා සධීර සමරවික්‍රම ලකුණු 31(26) ක් රැස් කළා. හෙයිඩන් කර් ලකුණු 26(16) යි.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මුජීබ් උර් රහමාන් ලකුණු 32 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...