“වසරක සටනේ පරාජය මම පිළිගන්නවා” : ස්ටීවන් ෆින්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටීවන් ෆින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු දණහිසක ආබාධයකට ගොදුරු වූ බැවින් 2023 වසරේ දී ඔහුට ක්‍රිකට් පිටියෙන් බොහෝ කාලයක් ඉවත්ව සිටීමට සිදු වුණා.

ඒ අනුව සිය වසර 18 ක වෘත්තීය ක්‍රිකට් දිවියට සමු දීමටයි ස්ටීවන් ෆින් තීරණය කර ඇත්තේ.

“මම පසුගිය මාස 12 තුළ මගේ ශරීරය සමඟ සටනක නිරත වුණා, මම එහි පරාජය පිළිගන්නවා.” යනුවෙන් 34 හැවිරිදි ෆින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

2005 වසරේ දී Middlesex කණ්ඩායම නියෝජනයන කරමින් වෘත්තීය තරග පිටියට පිවිසි ෆින් 2010 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවයි ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 36 ක්, එක්දින තරග 69 ක් හා 20යි 20 තරග 21 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ෆින් ටෙස්ට් පිටියේ දී කඩුලු 125 ක් ද, එක්දින ජාත්‍යන්තර පිටියේ දී කඩුලු 102 ක් ද, 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී කඩුලු 27 ක් ද බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...