Watch : වනිදු හසරංග පිටිය සිසාරා ගහපු සුපිරි ඉනිම මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග අද(8) සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කැන්ඩි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් රැස් කරමින්.

වනිදු පන්දු 27 ක් පමණක් වැය කරමින් ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 9ක් සමගින්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 18 කින් වාර්තා කිරීම කැපී පෙනුණා.

මීට පෙර ද මෙවර තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබුණේ වනිදු විසින්. ඒ, පන්දු 21 ක් වැය කරමින්.

ඔහුගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...